Published on: අගෝස්තු 23, 2023

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය සඳහා නව තානාපතිවරුන් දෙදෙනෙක් පත්ව සිටින අතර, මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සඳහා නව මහකොමසාරිස්වරයෙක් පත්ව සිටියි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් පිළිගනු ලැබීය.

අද අක්පත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත දැක්වේ

1. Mr. Damiano Francovigh – Ambassador – designate of the Republic of Italy in Colombo.
( දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා – තානාපති – ඉතාලි ජනරජය)

2. Mr. Andrew Patrick – High Commissioner – designate of the United Kingdom of Great Britain & Northern Ireland
(ඇන්ඩෘ පැට්‍රික් මහතා – මහ කොමසාරිස් – මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය)

3. Dr. Felix Neumann- Ambassador – designate of the Federal Republic of Germany
(ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා – තානාපති – ජර්මානු ෆෙඩරල් ජනරජය)

අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරයා සමඟ සුහද කතා බහක ද නිරත විය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් සිටිය හ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.