Published on: මාර්තු 12, 2024

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්ව පැමිණි පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මහතා සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මහතා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන්හ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.