ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රෝහලේ සැලැස්ම, පහසුකම් සහ එහි දැනට මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මානව සම්පත් හිඟය සහ මූල්‍ය දුෂ්කරතා පිළිබඳ නිලධාරීහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.
පවතින සම්පත් ඵලදායීව යොදා ගනිමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම පැහැදිලි කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස් චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර ජෙනරාල් මිලින්ද පීරිස්, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පී.එස්. තිලකරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.