කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දහවල් පැවැත්විණි.
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 05ක ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, බෝ නොවන රෝගවලින් පෙළෙන තැනැත්තන්, ආබාධිත පුද්ගලයන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් 2300 දෙනෙක් වෙනුවෙන් දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා දීම සඳහා හුණුපිටිය ගංගාරම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ක්‍රියාත්මක වේ.
අද දින එහි දායකත්වය සාගල රත්නායක මහතා විසින් භාරගෙන තිබූ අතර ප්‍රජා මුළුතැන්ගෙය වෙත පැමිණි ජනතාවට සිය සුරතින්ම ආහාර පිළිගැන්වීමට ඒ මහතා එක්විය.
හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.