Published on: සැප්තැම්බර් 20, 2022

වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමි 132 වන ගුණ සමරුව හෙට

මෑත යුගයේ බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් මහත් වු ශාසනික සේවයක් සිදු කළ වාදීභසිංහ පුජ්‍ය මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මා හිමියන් අපවත්වී වසර 132ක් හෙට (21) දිනට සම්පූර්ණ වේ.

කොළඔ නගරයේ ප්‍රථම බෞද්ධ සිද්ධස්ථානය කොළඹ කොටහේනේ දීපදුත්තමාරාමයයි. එය බිහි කළ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන් 1849 වසරේ ජූලි 29 වෙනි දින මෙරට ප්‍රථම සමාජ සංවිධානය ලෙස “ශ්‍රී බෝධි රාජ සමිතිය” කොළඹ දී පිහිටුවන ලදි. එමෙන්ම කොළඹ නගරය තුළ දේශීය ජනතාව සතු ප්‍රථම මුද්‍රණාලය ද තම ආරාමය තුළ පිහිට වු ගුණානන්ද හිමියෝ කොළඹින් නිකුත් වු ප්‍රථම සිංහල පුවත්පතේ ආරම්භකයා ද වේ. ලංකාවේ ආරාමයක ආරම්භ කළ ප්‍රථම දහම් පාසල 1881 දී කොළඔ කොටහේනේ දීපදුන්තාරාමයේදි පිහිටුවන්නට යෙදුනි.

සිංහල බසින් මුද්‍රණයෙන් නිකුත් කළ ප්‍රථම බොද්ධ ග්‍රන්ථය වු “මිලින්ද ප්‍රශ්නයේ” කතුවරයා ද මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මා හිමියෝ වෙති.

1973 වසරේ අගෝස්තු මස 27 වෙනි දින ආරම්භ කළ “පානදුරාවාදය” ජයගෙන ජයකෙහෙළි නැංවු ගුණානන්ද මා හිමියන්ගේ මෙහෙවර ඇමරිකන් ජාතික ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඔල්කට් තුමා මෙරටට පැමිණිමට හේතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඔ ආනන්ද, ගාල්ලේ මහින්ද, මහනුවර ධර්මරාජ, සංඝමිත්තා, විශාඛා, යසෝධරා ආදි පාසල් මෙරට ආරම්භ විය. බෞද්ධ ධජය නිර්මාණය වීම, වෙසක්, පොසොන් දිනය නිවාඩු දිනයක් වීම, බෞද්ධයන් වෙනුවෙන් විවාහ ලේකම්වරුන් ඇතිවීම, බෞද්ධ පතපොත මුද්‍රණයවීම, පෙරහැර ආදි උත්සව සංවිධානය කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අවසර ලැබිම, පිරිවෙන් අධ්‍යාපනය දීප ව්‍යාප්ත වීම, ඒවා පූජ්‍ය මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමියයෝ ඇරඹු ජාතික ආගමික පුනරුද ව්‍යාපාරයේ ප්‍රතිඵල වුහ.

1823 පෙබරවාරි මස 09 වෙනි දින දකුණු සිරිලක. බළපිටියේ, මිගෙට්ටුවත්ත ග්‍රාමයේ උපත ලද ගුණානන්ද මා හිමියන් පළමු වරට බළපිටිය ශ්‍රී සුභද්‍රාරාම පුරාණ රාජ මහ විහාරයේ දි පැවිදි බිමට ඇතුළු විය. පසුව ගුරුහිමියන්ගේ හදිසි අපවත්වීම නිසා සිවුරු හැර කොළඔට පැමිණ ඉංග්‍රීසි අධ්‍යාපනයත් බයිබලයත් උගෙන කොළඹින් නිකුත් වු “ඔබ්සවර්” පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කර තිබේ. අනතුරුව දෙවන වරට පැවිද්ද රත්ගම, දොඩන්දූවේ කුමාර මහා විහාරයේදි ලබාගෙන ඇති උන්වහන්සේ යළි කොළඔට වැඩමකර, කොටහේන දීපදුත්තාරාම මහා විහාරය ගොඩ නංවා සිය ජාතික, ආගමික මෙහෙවර සිදු කර ඇත.

වසර 67ක් පමණ ජීවත් වු වාදිභසිංහ ගුණානන්ද මා හිමියෝ මීට වසර 132 කට පෙර 1890 සැප්තැම්බර් මස 21 දින කොළඹ ස්වකීය විහාරයේදී අපවත් වී වදාළ සේක. රටටත් ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් අමිල නිමල මහා මෙහෙවරක් සිදු කළ ශ්‍රී ගුණානන්ද මා හිමි නාමය සදා අනුස්මරණය කරමු.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.