Published on: ජනවාරි 5, 2023

ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර ප්‍රදේශයේ “ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහනායක හිමිවරු හා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා විසින් සිදු කරන ලද දැනුම්දීමට අදාළව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) නියෝග කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම විමර්ශන වහාම ආරම්භ කළ බවත් , සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් දෙකක් මේ වන විටත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි “බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ” කාර්යභාරයට බැඳි සිටින රජය විසින් වහා කරුණු පරික්ෂා කොට, ආරම්භයේදීම මෙවන් ක්‍රියාවන් වළක්වාලීමට කටයුතු කිරීම බුදුදහමේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස හේතුවන බවත්, මේ සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මල්වතු – අස්ගිරි උභය මහා විහාරාධිපතිහිමිවරු සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබිණි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.