Published on: දෙසැම්බර් 7, 2023

වඩිවෙල් සුරේෂ් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දුන්නේය.

කඳුරට දමිළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීමට ගෙන යන වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීම වඩිවෙල් සුරේෂ් මහතා වෙත පවරා තිබේ.

එසේම බදුල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ එම දිස්ත්‍රික්කයන්හි වතු කම්කරු ජනතාවගේ සුබසාධන කටයුතු සොයා බැලීම, කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සුරක්ෂිතභාවය සහ ප්‍රවර්ධනය මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටළු සොයා බැලීම  ඒ මහතා වෙත පැවරී ඇත.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.