අප මේ ගත කරමින් සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක යුගයකි. එම අභියෝග මතින් මේ රටේ දරුවන්ට සුන්දර ළමා වියක් උරුම කර දීමට මෙන්ම රටේ සියලු දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අපි දැන් උර දී සිටින්නෙමු.
එසේම 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ගමන් මගෙහි නියමුවන් වන්නේ වත්මන් දරු පරපුරයි. ඊට සරිලන ලෙස දරුවන් නව තාක්ෂණ දැනුමෙන් හා හැකියාවන්ගෙන් සන්නද්ධ කරමින් අභියෝග භාරගත හැකි සමබර පෞර්ෂයකින් යුත් ඵලදායි පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට ද අප මේ වන විටත් පියවර ගෙන ඇත්තෙමු.
දියුණු ශ්‍රී ලංකාවේ අභිමානවත් කොටස්කරුවන් වීමට අද දවසේ නිසි ලෙස තම අධ්‍යාපන කටයුතුවල නිරතව අවශ්‍ය දැනුම ලබා ගැනීමට රටේ සියලු දරුවන් කැපවනු ඇතැයි මම විශ්වාස කරමි.
එසේම ජාත්‍යන්තර වැඩිහිටි දිනය ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස අප සමරන්නේ අනාදිමත් කාලයක් පුරා රැකගෙන ආ වටිනා ගුණධර්මයන් ලෝකය හමුවේ පිළිඹිබු කරමිනි.
ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ළමුන් සහ වැඩිහිටියන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවද සිහිපත් කරමින් සතුටින් පිරි ලෝක ළමා දිනයක් සහ වැඩිහිටි දිනයක් ප්‍රාර්ථනා කරමි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.