Published on: ඔක්තෝබර් 11, 2024

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ.

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කළහ.

ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.