Published on: මැයි 18, 2023

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (18) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගන්වනු ලැබීය.

ලංකා බැංකුවේ www.boc.lk සහ කොටස් වෙළෙඳපොළ www.cse.lk වෙබ් අඩවි ඔස්සේ 2022 වාර්ෂික වාර්තාවට පිවිසිය හැකියි.

මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන ගැනීම පිණිස ඉදිරියේ දී මෙම වාර්තාව සිංහල හා දමිළ බසින් නිකුත් කිරීමට නියමිතය.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා, ‍ප්‍රධාන මූල්‍ය නිලධාරි රුවන් කුමාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.