Published on: මැයි 11, 2025

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ කසළ කළමනාකරණ වැඩසටහනක්

නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (10) ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ඊට එක්වන බැතිමතුන්ගේ පහසුකම් නැංවිම සහ නුවරඑළිය නගරයේ කසළ කළමනාකරණය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වෙතින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

මැයි මස 10වන දින සිට 16වන දින දක්වා පැවැත්වෙන වෙසක් සතිය නිමිත්තෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නුවරඑළියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ග්‍රෙගරි වැව ආශ්‍රිතව සහ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ කසළ කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මකය.

එසේම රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරමින් කැළි කසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

 

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.