•පරිභාහිර රාජ්‍ය වියදම් සඳහා ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳේ.
“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) දින ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ.
ඒ අනුව, ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්, එයට පරිභාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳි සිටිය යුතු බවත් ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-15
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.