Published on: දෙසැම්බර් 17, 2023

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කාසීම් මහතා පත් කෙරේ

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කාසීම් මහතා පත් කර තිබේ.

1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර පහක ධූර කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.