Published on: මාර්තු 20, 2024

මෙම වසරේදී සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්

  • මේ වසරේ ගෙවුණු කාලය තුළ කටුනායක ගුවන් තොටුපළින් සේවා ලබාගත් මගීන් සංඛ්‍යාව 850,000ක් දක්වා ඉහළට – ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන ආකාරයට 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා කාලය තුළ ගුවන්තොටුපළ සේවා ලබාගත් ගුවන් මගීන් සංඛ්‍යාව 850,000කි.

එසේම මේ වසර අවසානය වන විට ගුවන් මගීන් මිලියන 10ක පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය.

2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිතා කළ සමස්ත මගින් ප්‍රමාණය මිලියන 05ක් වන බවත්, 2023 වසරේදී එම ප්‍රමාණය මිලියන 08 දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් ගල්කැටිය මහතා පෙන්වා දෙයි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.