ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ පුවත සහ ඡායාරූප පස්වරු 4.00න් පසුව පමණක් මාධ්‍යවල පළ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙය මැතිවරණ උපමානවලට අනුව ගන්නා ලද තීරණයක් වන අතර ඒ පිළිබඳ ඔබ මාධ්‍ය ආයතනය දක්වන සහයෝගයට කෘතඥ වෙමු.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.