Published on: ඔක්තෝබර් 1, 2022

මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් හා නිසි කලට ලබාගත හැකි පරිදි ඇනවුම් කර ඇති බව කෘෂිකර්ම ඇමතිවරයා පවසයි

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 29 දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහ කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර සැපයුම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර කිසිදු සැකයකින් තොරව ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය නියෝජනය කරමින් එහි නියෝජිතයෝ සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීහූ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.