කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්
ආර්ථික ගැටලු විසඳීය යුතුයි.
ජනපති අනුරාධපුරයේ දී කියයි.
මහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර
පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස
නා හිමිපාණන් වහන්සේ අද (20) පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව උන්වහන්සේ සමග පැවති
සාකච්ඡාවේ දී ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.
අනතුරුව අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි සාකච්ඡාවක නිරත විය.
එහිදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙස කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බවයි.
අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිපාණන් වහන්සේ සමග පැවති සාකච්ඡාවේ දී
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“තේ, රබර්, පොල් වැනි බෝගවලට අවශ්‍ය පොහොර ලබාදීමේ කටයුතු ද දැන් කරගෙන යනවා. ඒ වගේම බඩඉරිගු වගාව ප්‍රවර්ධනය කළොත් තමයි කුකුල් කර්මාන්තය කරගෙන යන්න පුලුවන්කම ලැබෙන්නේ. බඩඉරිගු සඳහා පවතින බීජ හිඟය පියවා ගැනීමට අපි හැකි ඉක්මණින් කටයුතු කරනවා.
තම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර, ඉන්ධන හා වෙනත් ගැටලු තිබෙනවා ද කියා සොයා බැලීමේ වගකීම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට භාර දිය යුතුයි. එතකොට ඒ වගකීම ඒ අයටත් පැවරෙනවා. ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අතර, ආගමික සිද්ධස්ථානවල දියුණුව කෙරෙහි ද අපේ අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව මහා විහාරයේ කැණීම් කටයුතු දැන් කඩිනමින් කරගෙන යනවා. මියන්මාරය, තායිලන්තය වැනි බෞද්ධ රටවල විශාල පිරිසක් සංචාරකයින් ලෙස මෙරටට ගෙන්වා ගැනීමට ඒ සමග අපිට හැකි වෙනවා”
එහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා,
“යල කන්නයට අවශ්‍ය පොහොර සහ ඉන්ධන ප්‍රමාණය ලබාදීමට මේ වන විට කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව මහා කන්නය සම්පූර්ණ කන්නයක් බවට පත් කර ගැනිමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලයි තිබෙන්නෙ. පොහොර සහනාධාර ලබා ගැනීමට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය සහ තවත් ආධාර ලබාදෙන ආයතනවල සහාය ගන්න මේ වන විට අපි කටයුතු කර තිබෙනවා.
බඩඉරිගු කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් සත්ව ආහාර ආනයනය අඩු කරගන්න අපට පුලුවන්. බඩ ඉරිගු වගාව සඳහා බීජ අවශ්‍යතාවය වගේම පළිබෝධක නාශක අවශ්‍යතාවයත් තිබෙනවා. අප ගෙන යන වැඩපිළිවෙළ තුළින් එම සියලු අංශ සම්පූර්ණ කරගත හැකියි.
ඉදිරි කන්නයේ දී බඩ ඉරිගු වගා කරන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. රජයේ ආයතන හරහා බඩඉරිගු බීජ ගෙන්වීමට ඉදිරි අතුරු අය වැයෙන් අපි රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කරනවා. ඊට අමතරව පුද්ගලික අංශයෙන් බඩඉරිගු බීජ ආනයනය කිරීමට වෙන් කෙරෙන මුදල ඉහළ නැංවීමට සැලසුම් කරලා තිබෙනවා.
අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස
නා හිමිපාණන් වහන්සේ,
දැන් ආරම්භ වී තිබෙන්නේ වස් කාලය. මේ වස් කාලය ආරම්භයේ දී මම සඳහිරුසෑයේ ස්වාමින් වහන්සේලා තුන් නමක් වස් වැසෙව්වා. අපි මේ කටයුතු නිමා කරන්නේ කඨින මහා පිංකමකින්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා සියලුදෙනා එක්කරගනිමින් අර්ථවත් විදියට මේ පළමු කඨින මහා පිංකම සිද්ධ කරන්න. එ වගේම බෞද්ධ විහාරස්ථානයක් ලෙස සඳ හිරු සෑය කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.
හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, එස්.ඩී. සේමසිංහ, උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-20
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.