මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් සහ මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ද ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට එක්ව සිටියහ.
අද (30) රාත්‍රී 7.03ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් උතුරු දිසාව බලා ගමන් ආරම්භ කළ ඇසළ පෙරහර දළදා විදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීම සිදු විය.
ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහර නැරඹීමට පෙරහර ගමන් කළ මග දෙපස අතිවිශාල ජනතාවක් රැස්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.