මහජන සෞඛ්‍ය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රීක් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.
උතුරු පළාතේ කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්ක ආශ්‍රිතවත්, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රීක්ක ආශ්‍රිතවත් ඊයේ සහ පෙරේදා (08, 09) දිනයන්හි දී හදිසියේ ගවයන්, මී ගවයන් සහ එළුවන් මිය යාම සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ නිලධාරීන් වගකීම් සහගතව කටයුතු කළයුතු බවට ද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට ගත වූ දෙදින තුළ උතුරු පළාතේ ගවයන් 358ක් සහ එළුවන් 191ක් මියගොස් ඇති අතර, නැගෙනහිර පළාතේ ගවයන් 444ක්, මී ගවයන් 34ක් සහ එළුවන් 65ක් මියගොස් තිබේ.
මේ වන විට උතුර හා නැගෙනහිර පශු වෛද්‍යවරුන් අදාළ ස්ථානවලට ගොස් සතුන් වෙත අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් සිටින බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කරයි.
එමෙන්ම සතුන් මිය යාම පිළිබඳ පළමු අදියරේ මූලික විමර්ශණ නැගෙනහිර සහ උතුරු පළාත්වල අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රීක් පශු විමර්ශණ මධ්‍යස්ථාන හරහා පශු විමර්ශණ නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, රට පුරා පැවති සීත කාළගුණය හේතුවෙන් ඇති වූ හදිසි කම්පනයක් මත මෙම සතුන් මිය ගොස් ඇති බව අනුමාන කරන බව ද හේමාලි කොතලාවල මහත්මිය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී අද (10) දිනයේ දී විද්‍යාගාර විමර්ශණ ආරම්භ කළ බවත්, ඒ අනුව පේරාදෙණිය ප්‍රධාන කාර්යාලයේ පශු විමර්ශණ නිලධාරීන් අද කිළිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් මිය ගිය සත්ත්ව සාම්පල ලබා ගැනීම සිදු කර ඇති බවත් ඇය සඳහන් කළාය.
එම සත්ත්ව සාම්පල ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාගාර විමර්ශණයට අද සහ හෙට දවසේ දී භාජනය කරන බව ද හේමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
කෙසේ වෙතත්, මෙම පර්යේෂණ කටයුතු නිසි පරිදි සිදු කර පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන තෙක් දිස්ත්‍රීක් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය වහාම අත්හිටුවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.