Published on: අගෝස්තු 23, 2022

පොලිස්පති ජනපති හමු වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ සිදු විය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ සේනාධිනායක ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව මෙම හමුව සිදු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-23

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.