පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළමු පොපි මල ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.
ලෝක සංග්රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රි ලංකාවේ පැවති අභ්‍යන්තර යුධ ගැටුම්වලදී ජීවිත පූජාකළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරයි.
පොපි මල් අළෙවියෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයට අනුබද්ධිත ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සංගම් 44 ක සාමාජික සාමාජිකාවන් පනස්දහසකගේ පමණ සුභසාධක කටයුතු සදහා යොදවනු ලැබේ.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් පී.කේ.සී. ශාන්තිලාල් කංකානම්ගේ, පොපි සැමරුම් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් හේමන්ත ලියනගේ, කමිටු සාමාජිකයන් වන මේජර් පී.එච්. විල්ටස් ද සිල්වා, කපිතාන් ටී.එම්.එච්. මඩුගල්ල, කේ.එච්.එන්. චන්දි හෙට්ටිආරච්චි, අයි.කේ.ඒ. රෝහණි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මින් අනතුරුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත ද පොපි මල පැළඳවීම සිදු විය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.