පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා විසින් පළමු පොපි මල ජනාධිපතිවරයාට පළඳවනු ලැබීය.
ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරයි.
එයින් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහා වැය කෙරේ.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් පී.කේ.සී. ශාන්තිලාල් කංකානම්ගේ, පොපි සමරුම් කමිටු සාමජිකයන් වන කපිතාන් ටී.එම්.එච්. මඩුගල්ල, ඒ. පද්මසිරි, චුලනි සිරිමෙවන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.