Published on: පෙබරවාරි 2, 2024

පැරෂුට් පැනීමේ හැකියාව විදහා දැක්වූ යුද්ධ හමුදාපති ඇගයීමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂුට් භටයකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර පසුගියදා ( 22 ) සිය දක්‍ෂතා විදහා දැක්වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අද (02) ජනාධිපති කාර්යාලයේදී ඇගැයීමට ලක් කෙරිණි.

මෙම ජයග්‍රහණය හා ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ආදර්ශවත් හමුදා නායකත්වය මෙන්ම කැපවීම සංකේතවත් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අතින් මෙහිදී යුද්ධ හමුදාපතිවරයා වෙත එයාර් බෝන් (AIRBORNE) ලාංඡනය පැලඳවීම සිදු විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද මෙම අවස්ථාවට එක් විය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.