නව අග්‍රමාත්‍යවරයා ඇතුළු නව රජයේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අද දිවුරුම් දුන් අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය 18 දෙනෙකුගෙන් සමන්විතය.
එම නම් පහත පරිදි වේ.
01-දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්
පාලන අමාත්‍ය
02- ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
03- සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
04-බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
05-කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය
06- මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
07- විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
ප්‍රතිසංස්කරණ අමාත්‍ය
08- හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
09- රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය
10- ප්‍රසන්න රණතුංග මහතා – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
11-අලී සබ්රී මහතා – විදේශ කටයුතු අමාත්‍ය
12-විදුර වික්‍රමනායක මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
13-කංචන විජේසේකර මහතා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය
14-නසීර් අහමඩ් මහතා – පරිසර අමාත්‍ය
15-රොෂාන් රණසිංහ මහතා – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය
16- මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
17-ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය
18-නලින් ප්‍රනාන්දු මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ජනාධිපති මාධ්‍ය අංශය
2022-07-22
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.