Published on: ජූනි 1, 2023

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (01) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගැන්වීය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ආර්ථික රාමුව තුළ සිය ක්‍රියාකාරීත්වය සහ සමාජ හා පාරිසරික අංශ සමඟ ඇති සබඳතාව පිළිබිඹු කරමින් “අපගේ ශක්තිය ශක්තිමත් කිරීම” යන තේමාවෙන් යුතුව සිය ඒකාබද්ධ වාර්ෂික වාර්තාව එළිදක්වා තිබේ.

2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ කාර්ය සාධනය, උපාය මාර්ග, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය ඇතුලුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මෙම වාර්තාවේ අඩංගු වෙයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.