ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් (Peter Ramsauer) මහතා ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පීටර් රැම්සෝර් මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක නිරතව සිටි.
පීටර් රැම්සෝර් මහතාව ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරට අතර අතීත සබඳතා සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කළේය.
ජර්මන් රජයේ සහාය ඇතිව කරාපිටිය රෝහල තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය එහිදී විමසා බැලුණු අතර ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවට ලක් විය.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළේ දී ජර්මනියේ තාක්ෂණික සහාය සහ ආයෝජන තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම මෙරට අලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සදහා ජර්මනිය හඳුන්වා දී ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තුතිය පළ කළ අතර, එම ව්‍යාපෘති අධ්‍යයනය කරමින් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳ පීටර් රැම්සොර් මහතා සිය සතුට පළ කළේය.
මීට අමතරව ජර්මානු තාක්ෂණික විද්‍යාල හරහා මෙරට සිසුන්ට පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, තිරසර සංවර්ධන හා තරුණ කටයුතු පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.