ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.
ජපාන අධිරාජයා වන හිරොනොමියා නරහිතෝ (Hironomia Narahito) මහතාගේ සුභාශීංසන පළමුව රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමූ ජපාන තානාපතිවරයා එතුමා සමග සුහද කතා බහක නිරත විය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා “සැන්ප්‍රැන්සිස්කෝ සාම සමුළුව” අමතා වසර 70ක් සපිරීම නිමිත්තෙන් ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කරන විශේෂ සැමරුම් වැඩසටහනක් එළැඹෙන සැප්තැම්බර් 06 වනදා පැවැත්වෙන අතර එම කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-24
(හමුවේ දර්ශන හෝ ඡායාරූප නොමැති බව කාරුණිකව සලකන්න)
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.