ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක හා ක්‍රීඩා අංශය විසින් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලිය ඊයේ (27) දවස පුරා මහරගම තරුණ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගාවලිය සඳහා ඒඩිටෝරියල් චැලේන්ජර්ස්, ඇඩ්වාන්ස් පවර්, ෆයර් බෝල්ස්, ඩිජිටල් නෝමෑඩ්ස්, ගෝල්ඩන් ෆ්ලෑෂස්, මොන්ස්ටර්ස්, බැටින් ඩීවාස් (කාන්තා) සහ බොම්බ් ස්කොඩ් (කාන්තා) නමින් ජනාධිපති මාධ්‍ය අංශය නියෝජනය කරමින් කණ්ඩායම් අටක් සහභාගි විය.
මෙහිදී තරගාවලියේ ශූරතාව ගෝල්ඩන් ෆ්ලෑෂස් කණ්ඩායම නියෝජනය කළ ප්‍රවාහන අංශය දිනා ගත් අතර, අනුශූරතාව ෆයර් බෝල්ස් කණ්ඩායම නියෝජනය කළ ඡායාරූප අංශයට හිමි විය.
ශූරතාව දිනාගත් ගෝල්ඩන් ෆ්ලෑෂස් කණ්ඩායම ධනුෂ්ක වන්නිආරච්චි මහතාගේ නායකත්වයෙන් ජනිත් මලින්ද පෙරේරා, තනුජ් මධුසංඛ, සමන්ත ප්‍රදීප් කුමාර, විනෝද් හරිත, නන්දන කුමාර, ප්‍රියදර්ශන ඇල්විටිගල, එම්.පී. සුනිල්, මේකලා අවන්ති ජයතුංග, නෙතුනි බණ්ඩාර යන අය ක්‍රීඩා කළහ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ගෝල්ඩන් ෆ්ලෑෂස් කණ්ඩායමේ නායක ධනුෂ්ක වන්නිආරච්චි මහතාට හිමි විය. හොඳම පිතිකරුට හිමි සම්මානය ඇඩ්වාන්ස් පවර් කණ්ඩායමේ ධනුෂ්ක රාමනායක මහතාත්, හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය ෆයර් බෝල්ස් කණ්ඩායමේ සුමින්ද කීර්ති මහතාත් දිනා ගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය බැටින් ඩීවාස් කණ්ඩායමේ නායිකා නේරංජා නවරත්න මෙනෙවිය විසින් දිනා ගත්තාය.
ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන සහ ත්‍යාග පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ෂෙනුකා සෙනෙවිරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුධීර නිලංග විතාන සහ මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.