Published on: සැප්තැම්බර් 26, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවේ සහාය

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී ඇත.

මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති කිරීම සඳහා රාජ්‍යයේ අඛණ්ඩ සහයෝගය අවශ්‍ය බව හඳුනාගන්නා අතරම ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාවද ඒ හා සමානවම වැදගත් බව එම ලිපියේ සඳහන් වේ.

රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම මෙන්ම සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.