Published on: ඔක්තෝබර් 19, 2023

ජනපති ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වයි

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රි ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව මෙම සාකච්ඡාවලදි පුර්ණ අවධානය යොමු කෙරිණි.

වරාය නගරය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, වරාය නගර පරිශ්‍රය උදෙසා නව මුල්‍ය නීති රීති සම්පාදනය, වරාය නගර පරිශ්‍රයට සීමා වූ අධිකරණ සහ බේරුම්කාරක ක්‍රමවේදයන් සැකසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රවර්ධනය උදෙසා හැකි උපරිමයෙන් සහාය ලබා දෙන බවත්, ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා බවත් සමාගම් නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා දූත පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.