වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සෙකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙසද පෙත්සම්කරුට නියෝග කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු සාවද්‍ය ලෙස ඉදිරිපත් කර ඇති බවටත්, අයදුම්පත්‍රය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවටත් විරෝධතා ඉදිරිපත් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.