ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු තැන්පත් අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් අද (02) පස්වරුවේ සිදු විය.
කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.
කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ සහ කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රිශාන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටී අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද ඊට සහභාගී විය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.