Published on: ජනවාරි 23, 2024

ජනපති උපදෙසින් මොබිටෙල් උපහාර පැකේජය තවදුරටත්

  • සියලුම මාධ්‍යවේදීන්ටද මෙම ප්‍රතිලාභය හිමි වේ.

මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව සියලු දෙනාට මෙම ප්‍රතිලාභය ලබා දෙන ලෙසත්, එම සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.