Published on: අගෝස්තු 1, 2022

ජනපතිට පාකිස්ථාන ජනපතිගෙන් සුබ පැතුම්.

ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (Arif Alvi) මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් එක් කර ඇත.
ජනාධිපතිතුමා වෙත අද (01) විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව, පවතින ආර්ථික අභියෝග ජය ගනු ඇති බව සඳහන් කරන අරීෆ් අල්වි මැතිතුමා ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බව ද සඳහන් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-01

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.