ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් ලබාදී තිබෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේ දී අද (03) බාර දෙනු ලැබීය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සහ මාවනැල්ල සහිරා විද්‍යාලයේ විදුහල්පති ඒ. එම් නව්සාඩ්, ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් එස්. එම් නවාස්, සහ එම්. එස්. එම්. නලිම්, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම්. එච් රිලාෆ් මොහොමඩ්, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. එල් මොහොමඩ් රිෆ්කාන්, එම්. එස්. එම් නිලාර්ඩීන් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.