Published on: මැයි 2, 2023

ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ විශේෂ වෙසක් වැඩසටහන හෙට ඇරඹේ

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී හෙට (03) රාත්‍රී 7.00ට විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වීමට නියමිතය.

මැයි 04 වනදා ද එම ස්ථානයේ දී භක්ති ගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.

මැයි 05 වනදා සාමණේර ස්වාමින් වහන්සේලා හතළිස් නමක් සහ පාසල් දරුවන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී සිදු කෙරේ.
සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් පැවැත්වෙන මහා බත් දන්සැල එදින රාත්‍රී 7.00ට ෂැංග්‍රිලා හරිත භූමියේ දී විවෘත කෙරෙන අතර එය මැයි 05 සහ 06 යන දෙදින පැවැත් වේ.

ඊට සමගාමීව තොරණ විදුලි ආලෝකය දැල්වීම සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යුද හමුදා භක්ති ගීත කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී මැයි 05 සහ 06 යන දෙදින පැවැත් වේ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.