Published on: අප්‍රේල් 28, 2024

“කිත්සිරි මේලා” බක් මහ උළෙල ත්‍යාග ප්‍රදානයට ජනපති එක් වෙයි

එක්සත් ජාතික පක්ෂ කොළම හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා සමඟ මරදාන – සුදුවැල්ල ක්‍රීඩා සමාජය 28 වන වරටත් සංවිධානය කළ “කිත්සිරි මේලා” බක් මහ උළෙල ඊයේ (27) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්විණි.

එහි ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදුකෙරුණු අතර පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් අවුරුදු කුමරියන්ට ත්‍යාග ප්‍රදානය සහ කිරුළු පැළඳවීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සමස්ත ලංකා අයෝමය ශූරයා තරග ඉසව්වේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන්ට සහ පාපැදි ශූරයන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමුණේද ජනාධිපතිවරයා අතිනි.

කිත්සිරි රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විය.

සුදුවැල්ල මුස්ලිම් සුබසාධක සංගමය සහ අල් මදරසතුල් ජලාලියා කමිටුවේ සාමාජිකයන් විසින් කිත්සිරි රාජපක්ෂ මහතා වෙනුවෙන් පිරිනමන ලද විශේෂ උපහාර තිළිණය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.