ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කොරියානු ජනාධිපතිවරයාගේ දේශගුණය සහ පරිසරය පිළිබඳ විශේෂ නියෝජිත හා කොරියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී නා කියුං-වොන් (Na Kyung-Won) මහත්මිය අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ සිදු විය.
දේශගුණික විපර්යාසයන්හි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය මෙහිදී අගය කළ නියෝජිතවරිය රටේ දැනටමත් අඩු කාබන් විමෝචන අනුපාතයක් තිබියදීත්, කාබන් විමෝචනය අඩු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කළාය.
දේශගුණික විපර්යාස සඳහා සාර්ථකව මුහුණදීමට නම් එම ක්ෂේත්රයේ ධාරිතාව වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ සිය අපේක්ෂාව පැහැදිලි කළ ජනාධිපතිවරයා එය දේශගුණික විපර්යාස පිළිබඳ සියලුදෙනාට අධ්‍යයනය කළ හැකි හා දැනුම ලබාගත හැකි උසස් අධ්‍යාපන ආයතනයක් වනු ඇති බව සඳහන් කළේය.
මේ පිළිබඳ තමන් දැනටමත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ඇති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ එකඟතාව ඇතිව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කීය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.