ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසාර සංවර්ධනයක් අත්කරගැනීම සඳහා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බව මාර්ක් අන්ඩ්‍රේ මහතා සඳහන් කළේය.
එසේම උතුරු නැගෙනහිර සංවර්ධනය සහ ප්‍රතිසන්ධාන සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
උතුර හා නැගෙනහිර ජනතාවගේ දිගුකාලීන ගැටළු විසඳීම මෙන්ම ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීම යෝජිත වැඩපිළිවෙළේ අරමුණ බවත්, ඒ සඳහා ඉදිරියේදී රට තුළ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමීපව කටයුතු කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවට එළැඹිණි.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.