Published on: අගෝස්තු 18, 2022

එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ජනපති හමු‍ වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස අතර හමුව අද (18) පස්වරුවේ සිදුවිය.
ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම හමුවට ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් මස්නෙක්යන් කාර් (David Mclachlan-Karr), එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් (Hanaa Singer) , එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පාති (Andreas Karpati) යන මහත්ම මහත්මිහූ එක්ව සිටියහ.
ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති තරුණ හා තිරසර සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේධීර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-18

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.