නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරි ආර්ථික සහ සමාජයීය අරමුණු ජය ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙරට ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කළ අතර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අසල්වැසි මිත්‍ර රාජ්‍යය ලෙස ඉන්දීයාව ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහාය ද ඇඟයීමට ලක් කළේය.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ඉන්දීය නිල සංචාරයේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.