Published on: දෙසැම්බර් 22, 2023

ඉටුකම වෙබ් අඩවිය සහ Domain නාමය භාවිතයෙන් ඉවත් කිරීමට – ජනාධිපති කාර්යාලය තීරණය කරයි

කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.
කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව එම වෙබ් අරමුදලට බැර වූ මුදල් පිළිබඳ විස්තර වාර්තාව වෙබ් අඩවියේ මුල් පිටුවේ මත ඉදිරිපත් කරමින් 2022. 10. 28 වන දින සිට බල පැවැත්වෙන පරිදි එම වෙබ් අඩවියෙහි ක්‍රියාකාරීත්වය නිම කරනු ලැබීය. ඊට අදාළව පළ කරන ලද දැන්වීම් හා මුදල් පිළිබඳ විස්තරයක් පමණක් මේ වන විට එම වෙබ් අඩවිය මඟින් ප්‍රචාරය වේ.
මේ වන විට මෙම වෙබ් අඩවිය භාවිතා නොකරන බැවින් එම වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශවයන් වෙතින් ලබා ගෙන අවභාවිතා කිරීමට හැකියාවක් ඇත. එබැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දී සිටී.

 

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.