2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගන්වයි.
පවතින අභියෝග නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ඇතුළු සෙසු ක්‍රීඩිකාවන් තුළ තිබූ සමගිය සහ අපරිමිත කැපවීම නිසා බව ජනාධිපතිවරයා සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන් ඇතුළු ක්‍රීඩාවට ඇල්මක් දක්වන සියලුදෙනාගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට දැරූ පරිශ්‍රමය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණක් නොව සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්වාදර්ශයක් බව ද එම පණිවුඩියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉදිරියේදී තවත් මෙවැනි ජයග්‍රහණ තුළින් ශ්‍රි ලංකාවට කීර්තියක් අත්කර දීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බවත්, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සියලු සාමාජිකාවන්ගේ ඉදිරි ක්‍රිඩා කටයුතු වෙනුවෙන් තමා ආශිර්වාද කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.