Published on: ඔක්තෝබර් 5, 2023

ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට ජනපතිගෙන් සුබපැතුම්

ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

අද (05) පෙරවරුවේ දුරකථන මාර්ගය ඔස්සේ එම සිසුවිය සම්බන්ධ කර ගත් ජනාධිපතිවරයා ඇයගේ දක්ෂතා ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ජාත්‍යන්තරයේ දී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණය මෙම අවස්ථාවේ රටට මහත් ආඩම්බරයක් බව පැවසූ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කළේය.

එසේම තරුෂි කරුණාරත්න සිසුවිය දිවයිනට පැමිණි පසුව ඇය හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.