Published on: අගෝස්තු 23, 2022

ආර්මේනියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සූදානම් ආර්මේනියා ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සහතිකයක්

ආර්මේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සදහා තවදුරත් ශක්තිමත් කර ගැනීමට කැපවන බව ආර්මේනියා ජනාධිපති වහග්න් ඛචතුරියන් මහතා (Vahagn Khachaturyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.
ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමා ඇති ආර්මේනියා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ඇගයීමට ලක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට යහපත් සෞඛ්‍ය, සාර්ථකත්වය සහ සාමය ප්‍රාර්ථනා කරන බව ද ආර්මේනියානු ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-23

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.