Published on: අගෝස්තු 19, 2022

ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමු වෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුව ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය
ජනාධිපති සහ සේනාධිනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික ලෙස මෙම හමුව සිදු වූ අතර ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එන්.ආර්. ළමාහේවාගේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක යන මහත්වරු මෙලෙස ජනාධිපතිවරයා හමු වූහ.
සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයාට සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-19

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.