Published on: නොවැම්බර් 14, 2023

අයි.සී.සී තහනම ඉවත් කර ගැනීම සහ ක්‍රිකට් තරගාවලි අහිමිවීම පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීමේ බලය අමාත්‍ය අනු කමිටුවට

  • ජනපති කැබිනට් මණ්ඩලයේ දී තීරණය කරයි.

දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට ඊයේ (13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.

එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවට ද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කෙරිණි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.