සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා ( Yury Materiy) ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ධුර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගියත්, දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පැවසූ මටේරි මහතා දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට සුවිශේෂී අවධානයක් යොමු කරන බව ද සඳහන් කළේය.
යූරි මටේරි මහතා සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ මටේරි මහතා වෙත සිය කෘතඥතාව පළ කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශීංසන පිළිගැන්වීය.
ආර්ථික අර්බුදය ජය ගෙන ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇති බව සඳහන් කළ මටේරි මහතා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන එක් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.