ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයවල වැඩ කටයුතු ඉදිරියටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ සිදු කෙරේ.
2022 ජූලි 21 වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 08 වන විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මෙම අමාත්‍යාංශවල වගකීම් හොඹවන ලදී.
21 වන සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යධුරය හැර වෙනත් අමාත්‍යධුරයක් දැරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසිය යුතුවේ.
මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය නොවැම්බර් 01 වැනිදා අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිත විමසීමක් කර ඇති අතර, ඒ අනුව නොවැම්බර් 04 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) අනු ව්‍යවස්ථාවට අනුව අදහස් දක්වමින් සිය එකඟතාව පළ කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) අනු ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් හා එකඟතාවයෙන් අනතුරුව අනෙකුත් අමාත්‍යාංශ හතරද ජනාධිපති භාරයේ පවත්වාගෙන යාම නිශ්චය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් පළ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.