දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාවට නංවා තිබේ.
ඒ අනුව “Clean Steps – Safety Roads – Be united for road safety” මාර්ග ආරක්ෂාව හා රක්ෂණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් අද (26) රුහුණු විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේ හා මාතර වෙරළ උද්‍යානය අසලදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වයෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන මාර්ග ආරක්ෂක සංදර්ශණය මාතර වෙරළ උද්‍යානය අසලදී අද පෙරවරු 8.00 සිට පැවැත්වුණු අතර, මාතර අධ්‍යාපන කලාපයේ පාසල් සිසු සිසුවියෝ 1300ක් පමණ ඊට සහභාගී වූහ.
අනාගතයේදී ආචාරධාර්මික පුරවැසියන් ලෙස මාර්ග නීති අනුගමනය කෙරෙහි පාසල් දරුවන් වර්තමානයේ සිටම හුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
එසේම මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීම, අනතුරු වළක්වා ගැනීම සහ ඒ සඳහා වගකීම් සහිතව ක්‍රියා කිරීම පිළිබඳ පාසල් මාර්ග ආරක්ෂණ කව බල ගැන්වීමද මෙමගින් අපේක්ෂා කෙරේ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.